Posts

Showing posts from January, 2025
 මේ තරම් විවාහ ජීවිත බිඳ වැටෙන්නේ ඇයි...🤔 නීතීමය වෙන් වීමකට වඩා , අති බහුතරයක් මානසිකව තමන්ගේ husband / wife ගෙන් වෙන් වෙලා, ඔහේ ජීවත් වෙනවා. මෙහෙම ජීවත් වෙන දෙන්නෙක් තුළ, රණ්ඩු සරුවල්, ගහ ගැනීම්, විවේචනය, ආදරයක් නැති වීම, වෙනත් සම්බන්ධයකට යොමුවීම ...කොහොමත් තියෙන්න පුළුවන්නේ 😑 ඇත්තටම ඇයි එහෙම වෙන්නේ.... ඕනෑම සම්බන්ධයක ආරම්භය ...එකිනෙකා කෙරෙහි තියෙන තදබල ආකර්ෂණයට. 😌 මුල් කාලේ නැතුව බැහැ වගේ මැරෙන්න හදන්නේ ඒකනේ...😆 ඒත් කාලයත් එක්ක.... තමන්ගේ partner ට තියෙන ආකර්ෂණය කෑළි කෑළි ගැලවිලා යනවා. 😞 ඊටපස්සේ අවුරුදු ගානක් ගියාට පස්සේ... අන්තිමට ඉතුරු වෙන්නේ...මෙලෝ රහක් නැති මනුස්සයෙක්. 😞 මෙහෙම වුණාට පස්සේ, අපි කල්පනා කරනවා, ඇයි මම මේ මෙලෝ රහක් නැති මනුස්සයා එක්ක ජීවත් වෙන්න ඕනේ 🤔 ඊටපස්සේ අපිට තේරුම් යනවා... ආ....මෙයා හින්දා, මට විශ්වාසනීය ආදරයක් ලැබුනා.. මෙයා මගේ ජීවිතය ගොඩනඟාගන්න උදව් වුණා, මම ගැන පුළුවන් හැමවෙලේම හොයා බැලුවා. පවුලක් තුළ තියෙන යුතුකම්, වගකිම් පුළුවන් උපරිමයෙන් ඉටු කරා. ( sex life එක  ගැන මෙතන high light කරන්නේ නැහැ. ඔය කියපු දේවල් හොඳින් විවාහ බැඳීමක් තුළ තිබුණා ...
 කෙටියෙන්ම කීවොත් අද ලිපිය ලියන්නෙ "පිලෝ ටෝක්"  ගැන  1.. පිලෝ ටෝක් කියන්නෙ අපි සෙක්ස් කරලා ඉවර උනාම වෙලක් හාපු මීහරක් වගේ ගොර ඇද ඇද නිදියනව වෙනුවට තුරුල් වෙලා රටේ නැති වල්පල් කියව කියව ඉන්න එකට..  2.. සෙක්ස් කියන්නෙ රට දැය සමයට කරන්න ඕනෙ මෙහෙවරක් කියලා හිතන ගොබ්බයො ඉන්න රටක ජනතාව කරන්නෙ සෙක්ස් කරපු ගමන්ම ඔන්න අපෙන් රටට කෙරෙන්න ඕනෙ ටික උනා කියලා නිදියන එකනෙ  උන් දෙන්නගෙ සෙක්ස් උන්ට වත් සෙට් වෙනවද කියලා උන් දෙන්න දන්නෙත් නෑ..  ටික දවසකින් පවුලේ ප්‍රශ්න කියලා මාව හොයාගෙන ඇවිත් ෆැමිලි කවුන්සලින් වලට මට සල්ලි පුදනවා .. මම එහෙම එන ගෑනු අයගෙන් මම අහන ප්‍රශ්නයක් තමා ඔයාලගෙ සෙක්ස් ලයිෆ් එක කොහොමද කියන එක. එතකොට එයාල කියනවා මට නම් සතුටක් නෑ ඒත් ඉතින් මට ඒක ගානක් නෑ ඔහෙ ඉන්නව ඉතින් වගේ කතා.. මොකද ලංකාවෙ සමහර ගොබ්බ හාමුදුරු වරු සෙක්ස් කරන එකට කියන්නෙ වල් කං කරනව කියලනෙ.. උන්ගෙ ආච්චියි සීයයි ලමයි හදලා තියෙන්නෙ ඇඟ නොදැකලු සෙක්ස් කලේ ලමයි හදන්න විතරලු වගේ අදහස් දීලා ඔලු කාලා තියන සමාජයක ඉතින් සෙක්ස් කියන්නෙ විඳින්න ඕනෙ දෙයක් නෙවේ කියලා හිතන එක මහ පුදුමයක් නෙවෙයි.. හැබැයි ...
 ගොඩක් පවුල් ප්‍රශ්න ඇතිකරන අපි නොදකින හේතුව...... ගොඩක් ආදරෙන් ඉදල, දෙන්න කිරි වල පැනි වගේ ගැලපිලා, ලොකු වෙඩින් එකක් අරන් , කල් යල් බලල දරුවෝ ගෙනත් ටික කාලෙකින් දෙන්නට දෙන්න එපාම වෙලා අපි වෙතට එන කපල්ස් ගොඩක් ඉන්නවා.  ඔවුන් අපි වෙතට එන්නේ...... ✨මෙයා මට ආදරේ නෑ. ✨මෙයාට තරහ යනවා. ✨මෙයා කෙල්ලෙක්/ කොල්ලෙක් එක්ක චැට් කරලා අහු වුනා. ✨මෙයා නිතර පොඩි දේටත් මට කඩන් පනිනවා ✨මට මෙයා ගැන ෆීලින්ග්ස් නෑ.  ✨මෙයාට මාව දැනෙන් නෑලු.   වගේ  හේතු කියාගෙන වුනත් අපි දෙදෙනා එක්කම විවුර්තව සාකච්චා කරනවා. ගැඹුරට , ගැබුරට යද්දි, ඔය ප්‍රශ්න වල ඇතුලේ තිබෙන ප්‍රශ්නය තමා දරුවන්ව ආදරේට හරස් කරගෙන. ඒක නිකන් හරියට පිහිය රත්ත්‍රන් නිසා ඇනගෙන වගේ වැඩක්.  අපේ ළන්කාවේ දරුවෙක් හදන කාර්‍යයේදී අපි වැඩියෙන්ම හිතන්නේ ළමයාගේ බර, හමේ වර්නය, ඉස්කෝලේ වැඩිම ලකුන ගැනීම වගේ කාරනා විතරයි. බොහො දෙනෙක් ගැබිනි වෙලා දරුවාට හොදම භාන්ඩ එකතු කරාට බිලිදා හැඩගස්වා ගැනීම ගැන, දෙමාපිය දූදරු සීමා ගැන ඉගෙන ගන්නේ නෑ. ඒ ගැන පත පොතක් වත් කියවන්නෙත් නෑ.  දෙමාපියෝ දෙන්නගේ සම්බන්දය රැකගන්න නම් දරුවෙක් මේ ලෝකෙට ආවහම හැ...

මම එයාගෙන් බලාපොරොත්තු වෙන එක නතර කරා!😇

 මම එයාගෙන් බලාපොරොත්තු වෙන එක නතර කරා!😇 එයා මං ළඟ ඉඳී කියලවත්, එයා මට කතා කරයි කියලවත්, එයා වෙනස් නොවෙයි කියලවත්, එයා මං වෙනුවෙන් කැප වෙයි කියලවත්, මම එයා වෙනුවෙන් බලන් ඉන්න එක සම්පූර්ණයෙන්ම නතර කරා.. ඒක මාර අමාරුයි.. හැබැයි ඊට පස්සෙ දැනෙන හැඟීම ඒක මාරයි.. මම දැන් එයාගෙන් කිසිම දෙයක්  බලාපොරොත්තු වෙන්නෙ නෑ.. අඩුම ගානෙ 'මං ආදරෙයි' කියලා  කියයි කියලවත් බලාපොරොත්තු වෙන්නෙ නෑ.. ප.ලි. කෙනෙක් අත හරින්න අමාරුයි තමයි. හැබැයි අපිව වටින්නෙ නැති මිනිස්සු අමාරුවෙන් හරි අත හරින්න. ඔබට පුදුම සැනසීමක් දැනෙයි. කාගෙන්වත් කිසිම දෙයක් බලාපොරොත්තු නොවී ඉන්න! 🤍 රවින්ද්‍යා ✍

සංසාරයේ ආයු කාලය 🌿

 🌿 සංසාරයේ ආයු කාලය 🌿  (වේපුල්ල සූත්‍ර‍ය) ⭕ මනුෂ්‍යයාගේ ගුණධර්ම පිරිහෙමින් පවතින විට, ආයුෂ අවුරුදු අසංඛ්‍යයේ සිට අවුරුදු 10 දක්වා අඩුවී, ක්‍රමයෙන් ගුණධර්ම වැඩෙන විට නැවතත් ආයුෂ අසංඛ්‍ය දක්වා ම වැඩිවේ. මෙතරම් කාල සීමාවක් අන්තඃකල්පය නමින් හඳුන්වන අතර සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වනුයේ මනුෂ්‍යය ආයුෂ පිරිහෙමින් පවතින අවුරුදු ලක්ෂයත් සියයත් අතර තුළ ය. ⭕ ජාති, ආඥා සහ විෂය යනුවෙන් බුද්ධ ක්ෂේත්‍ර ප්‍රභේද තුනක් පිළිබඳව විස්තර වේ. බෝධිසත්වයන් මව් කුස පිළිසිඳීම, උත්පත්තිය, බුදුවීම ආදී අසිරිමත් අවස්ථාවලදී කම්පාවීම් සිදුවන දස දහසක් සක්වළ “ජාති ක්ෂේත්‍රයට” අයත් වේ. සම්බුදුවරයෙකු “ආඥා ක්ෂේත්‍රය” නම් කෝටි ලක්ෂයක් සක්වළ ප්‍රදේශය යි. රතන, ඛන්ධ, ආටානාටිය හා ධජග්ග ආදී පිරිත් දේශනාවන් ගේ ආනුභාවය මෙම කෝටි ලක්ෂයක් සක්වළ පුරා පැතිර පවති. ඉරෙ හි, සඳෙ හි එළිය පැතිරෙන සීමාවට අයත් අසීමිත ප්‍රදේශයකට සක්වළක් යැ යි කියනු ලැබේ. භූමි තල 31 ක් පිළිබඳ බුදුදහමේ සඳහන් වන අතර අප ජීවත් වන මනුෂ්‍යය ලෝකය ඇතුළු තිරිසන් ලෝකය, ප්‍රේත ලෝකය, අසුර හා නිරය මෙන්ම දිව්‍ය ලෝක 06, රූප ලෝක 16 ක් හා අරූප 04 ක් ද එක ම ලෝක ධාතුව...

තමන් ළඟ තියෙන ස්කිල්ස් පාවිච්චි කරලා, පිටරට ක්ලයන්ට්ස්ලා සෙට් කරගෙන ඩොලර් හොයන අය පාවිච්චි කරන්නේ Fiverr, Upwork වගේ වෙබ්සයිට්.

 තමන් ළඟ තියෙන ස්කිල්ස් පාවිච්චි කරලා, පිටරට ක්ලයන්ට්ස්ලා සෙට් කරගෙන ඩොලර් හොයන අය පාවිච්චි කරන්නේ Fiverr, Upwork වගේ වෙබ්සයිට්. අද මම ගෙනාවා ඒ වගේ තව වෙබ්සයිට් ගොඩක්. ඒවත් ට්‍රයි කරලා තව ඩොලර් හොයන්න. 1. JustRemote – Find top remote and hybrid roles. https:// justremote .com 2. Wellfound by AngelList – Discover startup and tech jobs (no cover letter needed). https:// wellfound .com  3. Working Nomads – Remote jobs for digital nomads. https:// lnkd.in /gN5Xpkcq  4. Remote – Access jobs from across the globe. https:// remote .com  5. oDesk Work – Ideal projects for your skills. https:// odeskwork .com  6. Job Board Search – Find top remote jobs in 200+ categories. https:// jobboardsearch .com  7. JS Remotely – Specializes in remote JavaScript jobs. https:// jsremotely .com  8. Remote .co – Browse local remote job opportunities. https:// remote .co  9. Remote OK – Find remote jobs quickly and easily. https:// remoteok .com  10. Himalayas – Expl...
 කියවලා බලන්න හැමෝටම වැදගත් වේවි දහ දෙනෙක් ගත්තොත් අට දෙනෙක්ට සෙම නේද? නිට්ටාවටම සුව කරන්නේ මෙන්න මෙහෙමයි සෙම නිසා මැරුණා වගේ ඉන්න කට්ටිය ඕන තරම්. මේ අයට නිට්ටාවටම සුව වෙන්න ගෙදරදී හදාගන්න පුළුවන් හොඳම බෙහෙතක් මෙන්න. කටරොළු කියන්නේ ගෙවතු අලංකරණයට බහුල වශයෙන් යොදා ගැනෙන මල් වර්ගයක්. නිල් පාට කටරොළු මලින් වැල පිරෙන කොට ගෙවත්තටම එන්නේ අමුතු එළියක්. මේ කටරොළු ශාකය ගෙවතුවල රෝපණය කළත් මෙහි පවතින ඖෂධීය වටිනාකම හැමෝම දන්නේ නැහැ. ඇත්තටම කටරොළු කියන්නේ දේශීය වෙදකමේ රෝග රැසක් මැඩලන්න ඖෂධ නිපදවන වටිනා ශාකයක්. අද සමාජය නොදන්නවා වුණත් පැරැණි වෙදැදුරන් පැවැසූ පරිදි කටරොළු කියන්නේ රෝග රැසකට ගුණය, සුවය සලසන මහා ඖෂධයක්. කටරොළු සාමාන්‍ය වශයෙන් ගත්තොත් ප්‍රභේද 2කට වෙන් කෙරෙනවා. ඒ ප්‍රභේද දෙක තමයි නිල් පාට මලක් හැදෙන නිල් කටරොළු සහ සුදු පාට මලක් හැදෙන එළ කටරොළු යන දෙක. අපරිජිතා, ගිරිකර්ණිකා, ගේ කුරනි යන නම්වලින් ආයුර්වේදයේ හැඳින්වෙන කටරොළු අයත් වන්නේ Fabaceae කුලයට. Clitoria ternatea මෙහි උද්භිද විද්‍යා නාමය. කටරොළු කියන්නේ ආයුර්වේදයට අලුත් ශාකයක් නෙවෙයි. බොහෝ රෝග සුව කරන්න මේ ඖෂධය බහුල වශයෙන් යොදාගෙන ...

මරණින් මතු නැවත ඉපදීමක් නැත.

 මිථ්‍යාදෘෂ්ටිය මරණින් මතු නැවත ඉපදීමක් නැත.  පින් පව්ය කියා දෙයක් නැත, පින් පව්වලින් වන ඵලවිපාකයක් නැත, අපාය ය කියා තැනක් නැත,දිව්‍ය ලෝක බ්‍ර‍හ්ම ලෝකයෝ ය කියා තැන් නැත,නිවනක් නැත යනාදීන් වරදවා දැකීම වරදවා පිළිගැනීම මිථ්‍යාදෘෂ්ටිය ය.    මිථ්‍යාදෘෂ්ටි කර්මයට අඞ්ග දෙකකි. එනම්  (1) ගන්නා වූ ආකාරය වැරදි වීම ය.  (2) එයම සත්‍යය යි නිශ්චය කර ගැනීමය      යන දෙකය.  මිථ්‍යාදෘෂ්ටීහු බොහෝ වෙති. එයින් නාස්තික දෘෂ්ටිය ය, අහේතුක දෘෂ්ටිය ය, අක්‍රිය දෘෂ්ටිය ය යන තුන කර්මපථයෝ වෙති. විසිවැදෑරුම් සක්කාය දෘෂ්ටිය හා බ්‍ර‍හ්ම ජාලයෙහි දැක්වෙන දෙසැට වැදෑරුම් දෘෂ්ටීහු ද කර්මයෝ වෙති. කර්මපථයෝ නො වෙති. ✨️නාස්තික දෘෂ්ටිය. “නත්ථි මහාරාජ! දින්නං නත්ථි යිට්ඨං, නත්ථි හුතං, නත්ථි සුකටදුක්කානං කම්මානං ඵලං විපාකො, නත්ථි අයං ලොකො, නත්ථි පරොලොකො, නත්ථි මාතා, නත්ථි පිතා, නත්ථි සත්තා ඔපපාතිකා, නත්ථි ලොකෙ සමණ බ්‍රාහ්මණා සමග්ගතා සම්මා පටිපන්නා. යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්ති, චතුමහාභූතිකො අයං පුරිසෝ යදා කාලං කරොති පඨවි පඨවිකායං අනුපෙති අනුපගච්ඡති. ආපො ...

විවාහය රහස්

 විවාහයේ විශාල රහස්❗❗❗ රහස 1 ඔබ විවාහ වන සෑම කෙනෙකුටම දුර්වලතාවයක් ඇත. එබැවින් ඔබ ඔබේ සහකරු හෝ සහකාරියගේ දුර්වලතාවය කෙරෙහි අවධානය යොමු නොකළහොත් ඔබට ඔහුගේ ශක්තියෙන් උපරිම ප්‍රයෝජන ගත නොහැක. රහස 2 සෑම කෙනෙකුටම අඳුරු ඉතිහාසයක් ඇත. කිසිවෙකු දේවදූතයෙක් නොවේ. ඔබ විවාහ වන විට හෝ ඔබට විවාහ වීමට අවශ්‍ය වූ විට, කෙනෙකුගේ අතීතය හාරා බැලීම නවත්වන්න. වඩාත්ම වැදගත් වන්නේ ඔබේ සහකරුගේ වර්තමාන ජීවිතයයි. පැරණි දේවල් ගෙවී ගොස් ඇත. සමාව දී අමතක කරන්න. වර්තමානය සහ අනාගතය කෙරෙහි අවධානය යොමු කරන්න. රහස 3 සෑම විවාහයකටම තමන්ගේම අභියෝග ඇත. විවාහය රෝස මල් යහනක් නොවේ. සෑම හොඳ විවාහයක්ම තමන්ගේම දැවෙන ගිනිදැල් පරීක්ෂණයකට මුහුණ දී ඇත. අභියෝග කාලවලදී සැබෑ ආදරය ඔප්පු වේ. ඔබේ විවාහය සඳහා සටන් කරන්න. අවශ්‍ය කාලවලදී ඔබේ සහකරු හෝ සහකාරිය සමඟ සිටීමට ඔබේ මනස සකස් කරගන්න. නරකට වඩා හොඳ සඳහා පොරොන්දුව මතක තබා ගන්න. අසනීප සහ සෞඛ්‍යය තුළ එහි සිටින්න. රහස 4 සෑම විවාහයකම විවිධ මට්ටමේ සාර්ථකත්වයන් ඇත. ඔබේ විවාහය වෙනත් කිසිවෙකු සමඟ සංසන්දනය නොකරන්න. අපට කිසි විටෙකත් සමාන විය නොහැක. සමහරු බොහෝ දුරස් වනු ඇත, සමහරු පිටුපසින් සිටිති....
 40+ සම්පූර්ණ ඔබ අනිවාර්යයෙන්ම කියවිය යුතු ලිපියකි.💪                         40ට අඩු අයටත් ගොඩාක් වටිනවා.. 👇👇 🔹ඕනම කෙනෙක්ගේ ජීවිතේ ස්වර්ණමය කාලය 40න් පසු කාලය. අවුරුදු 40න් පස්සේ ජීවිතේ දශක 4ක් ඉවරයි.. 🔹ආයුශ අවුරුදු 80ක් කියලා හිතුවොත් ජීවිත කාලයෙන් බාගයක්ම ගතකරලා ඉවරයි. 🔹දැන් තියෙන්නේ ඉතින් යන තැනකට වැඩක් කරගන්න එක..ඔහොම තමයි ලන්කාවේ අපි හිතන්නේ..ඒත් බටහිර රටවල ඔය කතාව හාත්පසින්ම වෙනස්. 🔹එයාලා ජීවිතේ පටන් ගන්නේ 40න් පස්සේ. දරුවෝ දීග දීලා, ලාමක අස්ථාවර සිතුවිලි වලින් මිදිලා, මිනිස්සු හදුනාගෙන ජීවිතේ පරිපූර්ණ වෙච්ච කාලයක් මේක. 🔹ඉතින් ඒ කාලේ ජීවිතේ විදින්න පුලුවන් කාලේ කිව්වොත් මම හරි.. බුද්දිමත් කාන්තාවන් ඉතින් සියලුම ප්‍රශ්න මැද නීරෝගී ජීවිතයක් ගත කරනවා. එයාලා මෙන්න මෙහෙම සාමාන්‍ය දේවල් ටිකක් කරනවා. ඒත් තමයි👇👇 👉නිසි ශාරීරික ව්‍යායාම 👉සමබල ආහාරවේල 👉හානිදායක ආහාරවලින් සම්පූර්ණයෙන් වැලකීම 👉පිටි කෑම 60% න් පාලනය 👉ක්ෂනික කෑම සම්පූර්ණයෙන් අත හැරීම 👉තද අව්වට නිරාවරනය නොවී සිටීම 👉අධින මානසික ආතතියෙන් යුතු බැදීම් ව...

මූහුද දැකලා නාන්න හිතුනාම වෙරලේ රැල්ල අඩුම තැනක් තමයි හොයන්නේ. අන්න අර හරියේ රැල්ල අඩුයි එතනට යමු කියල ඕන්න ඉතින් ළමයි එහෙම එක්කගෙන යනවා රැල්ල අඩු හරියට. අවාසනාවට ඒ වගේ තැන් වල තමයි වෙරලේ ඉදලා මුහුද දෙසට යන ජල ප්‍රවාහයන් නැත්නම් ( Rip Currents) තියෙන්නේ. වෙරල කිට්ටුව නිසලව තියෙන නිසා ඉන ගැබුරට ඇවිද ගියාම කකුල් දෙකෙන් මුහුද පැත්තට ඇදලා ගන්නවා දැනුනාම හිතන්න පරක්කු වැඩියි. දිය වැල් ඇති වෙන්නෙ මෙහෙමයි. මුහුදු රළ විශාල ජල ප‍්‍රමාණයක් වෙරළට රැගෙන එනවා. එම රළ බිඳී යෑමෙන් පසු මේ ජලය නැවත මුහුදට ගලා යා යුතුයි. නො කඩවා පැමිණෙන රළ මේ ආපසු ගලා යෑමට බාධා කරනවා. නැවත මුහුදට ගලා යන තෙක් මේ ජලය වෙරළ ඉමදිගේ දෙපසට ගමන් කරමින් සිට ක්‍ෂණික ව පහසු ස්ථානයකින් වේගයෙන් මුහුදට ගලා යාම සිදු වෙනවා. වෙරළාසන්න ව මුහුදු පතුලේ පවතින වැලිපරවල සෑදී ඇති හිඩැස්වලින් මෙසේ දියවැල් (Rip Currents) ඇති වීම සිදු වෙනවා. එවැනි ස්ථානවලින් තමයි දියවැල් ඇති වෙන්නේ. මිනිත්තුවකටත් අඩු කාලයක දී මීටර් තුන්සියයක් පමණ වෙරළෙන් ඈතට ඔබ ව රැගෙන යන්න මේ දියවැලකට පුළුවන්. දිගු වෙරළ තීරවල සාමාන්‍යයෙන් මීටර් 200කට වරක් වගේ මෙවැනි දියවැල් ඇති වෙනවා. ඉතාමත් නිසල මුහුදේ පවා ඇති වන මෙවැනි දියවැල් නිසා මුහුදේ පිහිනමින් සිටින අය මෙන් ම ඉණ තෙක් මුහුදට බැස සිට ගෙන සිටින අය පවා ගැඹුරු මුහුදට ඇදී යන්න පුළුවන්. මේ නිසා පිහිනන්න දන්නෙ නැත්නම් මුහුදට බහින්නෙ නැති එක වඩාත් නුවණට හුරුයි. ඔබට ඔබ ගැන කොපමණ විශ්වාස වුණත් කිසි ම විටක තනිව ම මුහුදේ නාන්න යෑමෙන් වළකින එක හොඳයි. දියවැල් ඇති වෙන තැන් හඳුනා ගන්නෙ කොහොම ද ? සාමාන්‍යයෙන් අප පාර පනින්න පෙර දෙපස හොඳින් බලනවා. ඒ වගේ, මුහුදට බහින්න පෙරත් ටික වෙලාවක් හොඳින් නිරීක්‍ෂණය කළොත් දියවැල් ඇති වෙන තැන් හඳුනා ගත හැකි යි. වෙරළ ආසන්නයේ දී රළ බිඳෙන විට සුදු පැහැයට දකින්න පුළුවන්. මේ සුදුපැහැති තීර අතරේ සමහර තැන් නිසල, අඳුරු ලෙසින් නිරීක්‍ෂණය වෙනවා. මේ තැන්වලින් ජලය මත පාවෙන නොයෙක් ද්‍රව්‍ය මුහුදට ගලා යනු දකින්න පුළුවන්. එවන් ස්ථානවලින් තමයි දියවැල් ඇති වෙන්නේ. මේ නිසා ඔබ කොතරම් පිහිනීමට දක්ෂ වුණත් මුහුදට බහින්න පෙර මෙසේ ටික වේලාවක් නිරීක්ෂණය කළොත් වඩා ආරක්‍ෂාකාරී තැන් සොයා ගන්න පුළුවන් වේවි. මේ දියවැල්වල වේගය පිහිණුම් ශූරයන්ගේ වේගයටත් වඩා වැඩි බව ඔබ මතක තබා ගන්න. සමහර මුහුදු තීර කොහෙත් ම දිය නෑමට නිර්දේශ කරන්නෙ නැහැ. නොයෙක් අනතුරු හැඟවීමේ පුවරු මෙවන් ස්ථානවල සවිකර තිබෙනවා. මුහුදට බහින්න පෙර මේ ගැනත් ටිකක් විමසිලිමත් වෙන්න. අවදානම් සහිත ස්ථානවල පවා මුහුදේ පිහිනීමෙන් තමන්ගේ පුහු වීරත්වය පෙන්වන්න සමහර අය කැමති යි. හිස් මිනිසුන්ගෙන් ලැබෙන පුහු වර්ණනාවන්ට වඩා අතිශය දුර්ලභව ලැබෙන මනුෂ්‍ය ජීවිතය වටින බව ඔබ අමතක කරන්න එපා. දිය වැලකට හසුවුණොත් කුමක්ද කළ යුත්තේ? දිය වැලකට හසුවුව හොත් කිසි ම විටක ඊට එරෙහි ව පීනන්න උත්සාහ කරන්න එපා. දියවැලේ වේගය ඔබේ පිහිනුම් වේගයට වඩා වැඩි නිසා ඔබට එය කළ නො හැකියි. මේ වෙනුවට වෙරළට සමාන්තර ව පිහිනීමෙන් දියවැලෙන් ඉවත්විය හැකියි. ඉන් පසු වෙරළ දෙසට පිහිනන්න පුළුවන්. මෙසේ ඉවතට පිහිනන්න නො හැකි නම් ජලය මතුපිට රැඳී සිටිමින් උදව් අවශ්‍ය බවට අත උස්සා සංඥා කරන්න. Copied

රියදුරු බලපත්‍රය නැති වූ විට නව බලපත්‍රයක් ලබා ගන්නා ආකාරය

  රියදුරු බලපත්‍රය නැතිවීම ඕනෑම අයෙකුට සිදුවිය හැකි අනපේක්ෂිත සිදුවීමකි. එවැනි අවස්ථාවකදී කළ යුතු ක්‍රියා පටිපාටිය සහ අවශ්‍ය ලියකියවිලි මොනවාද යන්න බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් විය හැකිය. මෙම ලිපිය මගින් ඔබට එම ක්‍රියා පටිපාටිය පියවරෙන් පියවර විස්තර කර දෙනු ඇත. අවශ්‍ය ලියකියවිලි  * පොලිස් සහතිකය: රියදුරු බලපත්‍රය නැති වූ බවට පොලිසියෙන් ලබා ගත යුතු සහතිකය.  * ජාතික හැඳුනුම්පත: ඔබේ හැඳුනුම්පතේ පිටපතක්.  * පැරණි රියදුරු බලපත්‍රයේ පිටපතක් (තිබේ නම්): ඔබ සතුව පැරණි රියදුරු බලපත්‍රයේ පිටපතක් තිබේ නම් එය ඉදිරිපත් කිරීම වඩාත් සුදුසුය. ක්‍රියා පටිපාටිය  * පොලිසියට පැමිණිලි කිරීම: රියදුරු බලපත්‍රය නැති වූ බවට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි කරන්න. ඔබට පොලිස් සහතිකයක් ලබා දෙනු ඇත.  * මෝටර් වාහන දෙපාර්තමේන්තුවට යාම: පොලිස් සහතිකය සහ අනෙකුත් අවශ්‍ය ලියකියවිලි සමඟ මෝටර් වාහන දෙපාර්තමේන්තුවේ අදාළ කාර්යාලයට යන්න.  * අයදුම්පත පිරවීම: ඔබට ලබා දෙන අයදුම්පත නිවැරදිව පුරවන්න.  * ගෙවීම් කිරීම: නව රියදුරු බලපත්‍රයක් සඳහා අය කරන ගාස්තුව ගෙවන්න.  * ඡායාරූප ගැනීම: ඔබේ ඡායාරූපය...