මේ තරම් විවාහ ජීවිත බිඳ වැටෙන්නේ ඇයි...🤔


නීතීමය වෙන් වීමකට වඩා , අති බහුතරයක් මානසිකව තමන්ගේ husband / wife ගෙන් වෙන් වෙලා, ඔහේ ජීවත් වෙනවා.


මෙහෙම ජීවත් වෙන දෙන්නෙක් තුළ, රණ්ඩු සරුවල්, ගහ ගැනීම්, විවේචනය, ආදරයක් නැති වීම, වෙනත් සම්බන්ධයකට යොමුවීම ...කොහොමත් තියෙන්න පුළුවන්නේ 😑


ඇත්තටම ඇයි එහෙම වෙන්නේ....


ඕනෑම සම්බන්ධයක ආරම්භය ...එකිනෙකා කෙරෙහි තියෙන තදබල ආකර්ෂණයට. 😌


මුල් කාලේ නැතුව බැහැ වගේ මැරෙන්න හදන්නේ ඒකනේ...😆


ඒත් කාලයත් එක්ක....


තමන්ගේ partner ට තියෙන ආකර්ෂණය කෑළි කෑළි ගැලවිලා යනවා. 😞


ඊටපස්සේ අවුරුදු ගානක් ගියාට පස්සේ... අන්තිමට ඉතුරු වෙන්නේ...මෙලෝ රහක් නැති මනුස්සයෙක්. 😞


මෙහෙම වුණාට පස්සේ,


අපි කල්පනා කරනවා, ඇයි මම මේ මෙලෝ රහක් නැති මනුස්සයා එක්ක ජීවත් වෙන්න ඕනේ 🤔


ඊටපස්සේ අපිට තේරුම් යනවා...


ආ....මෙයා හින්දා,


මට විශ්වාසනීය ආදරයක් ලැබුනා..


මෙයා මගේ ජීවිතය ගොඩනඟාගන්න උදව් වුණා,


මම ගැන පුළුවන් හැමවෙලේම හොයා බැලුවා.


පවුලක් තුළ තියෙන යුතුකම්, වගකිම් පුළුවන් උපරිමයෙන් ඉටු කරා.


( sex life එක  ගැන මෙතන high light කරන්නේ නැහැ. ඔය කියපු දේවල් හොඳින් විවාහ බැඳීමක් තුළ තිබුණා නම්, sexual life එකේ අඩුපාඩු දරාගෙන, අමතක කරලා ඉන්න මනුස්සයෝ ඕන තරම් ඉන්නවා. 😌) 


දැන් මේ කියපු දේවල් තමන්ගේ husband / wife ගෙන් දීර්ඝකාලීනව ලැබිලා නැත්තම් , 


ඔන්න හිතන්න පටන් ගන්නවා, 


"ඇයි මේ මනුස්සයව මම බැන්ඳේ ,"


" මෙයා මට කිසිම ආදරයක් නැහැ නේ."


" මම ගැන හොයලා බලන්නේ නැහැ නේ "


" මගේ ජීවතය ,මෙයා හින්දා නාස්ති වෙලා ගියා නේ "


👆 ඔන්න ඔය වගේ රටේ නැති දේවල් හිතලා, මානසිකව පීඩනයට පත් වෙන්න පටන් ගන්නවා ,


ඒ හින්දා තමයි,


ඔය කාලයක් යද්දි...


partner ව feel වෙන්නේ නැහැ කියනවා...


partner ඇඟේ වැදෙන එකත් පීඩාවක් බවට පත්වෙනවා,


sex කියන දෙය මානසික හිංසනයක් වෙනවා,


වෙනත් සම්බන්ධතා වලට යොමු වෙනවා,


👆 ඔය වගේ මානසික ප්‍රශ්ණ පහුකාලිනව ගොඩාක් ඇති වෙන්න පුළුවන්.


මෙහෙම දේවල් ඔයාටත් හිතෙනවා,


🌹 පුද්ගල ස්වාභාවයන් අනුව මිනිස්සු වෙනස් බව අවභෝධ කරගන්න.


( මගේ partner කියන කෝණයෙන් අපි හැමතිස්සේම හිතුවත්, ඔය ඉන්නේ වෙනස්ම වෙනස් කෙනෙක් 😊)


🌹 අඩුපාඩු , සිත් රිදවීම් කියන දේවල් බැඳීමක් තුළ තිබෙන්න පුළුවන් බව අවබෝධ කරගන්න.


🌹තමන්ගේ partner අවුරුදු ගානක් පුරාවට කරපු, වැරදි, අමතක කරලා දාන්න.


( බහුතරයක් මිනිස්සුන්ට බැඳීමක් තුළ ඉදිරියට යන්න බැරි මේ දෙය හින්දයි. තමන්ට කරපු සිත් වේදනා, වැරදි....ඔක්කෝම හොඳට මතක තියාගෙන ඉන්නවා, පහුකාලිනව partner තමන්ගේ වැරදි, අඩුපාඩු තේරුම් අරන් නිවැරදි වෙන්න උත්සහ කරන කොට, ඒක පිළිඟන්න කැමති නැහැ. 😞)


🌹 විවාහ බැඳීමක් තුළ, තමන්ගේ ආස දේවල්, ජීවතයේ තිබුණු ඉලක්ක අමතක කරන්න එපා, 


( පහුකාලයක Partner ව එපාවෙන්න මේකත් හේතුවක්. ආදරය  , බැඳීම් කියන දේවල් වලදි තමන්ව මරාගන්න අවශ්‍යය නැහැ. සමහර කාල වලදි, ඒ දේවල් තාවකාලිකව අත්හරින්න වේවී,

ඒත් ජීවත කාලයට නෙමේ.


ඔයාගේ ජීවතයෙත් එහෙම දේවල් තියෙනවා නම්, ආයෙමත් පටන් ගන්න උත්සහ කරන්න. 😊)


🌹 වෙනත් සම්බන්ධයකට හිත යනවා නම්, හොඳින් තබාගන්න , යම් කාලයක් ගියාට පස්සේ, ඒ බැඳීම තුලත් ආකර්ශණය කියන කොටස ගැලවීලා ගියාම , මේ තත්ත්වයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියලා,


( අනේ මෙයා තමයි හොඳම කියලා...වෙනත් සම්බන්ධතා ඇති කරගෙන, රටේ නැති ප්‍රශ්ණ , මානසික පීඩාවන් ඇති කරගෙන , ඕනතරම් මිනිස්සු counseling එනවා.)


🌹 ජීවතය කියන්නේ, අපිට ගැලපෙනම, ආසම දේවල් ලැබෙන තැනක් නෙමේ...ලබාගත් දේවල්, වල හොඳ, නරක ...මැදිහත් සිතින් දරාගන්න සිද්ධ වෙනවා කියනවා කියන දෙය අවබෝධ කරගන්න.

විශේෂයෙන් බැදීම් වල.😊


( දැඩි ශාරීරික , මානසික හිංසනයන් ලබාදෙන partners ලා ගැන නෙමේ මේ කියන්නේ 😊 )


Lakshi Soyza

 මනෝඋපදේශිකා 

Himan hospital -Ragama

 Whatsapp -0767 045 434

Comments