ඉතිහාසයේ බිහි වු ශ්‍රෙෂ්ඨතම විද්‍යාඥයා - (නිකොලා ටෙස්ලා) _________________________________________ ඔබ තෝමස් අල්වා එඩිසන් යනු ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙකු බව පිළිගන්නවාද ? ඔබ නිකොලා ටෙස්ලා නැමැත්තෙකු ගැන අසා තිබෙනවාද? පළමු ප්‍රශ්නයට පිළිතුර 'ඔව්' සහ දෙවැන්නට 'නැත' නම් මේ ලිපිය ඔබ සඳහායි. උදේ තමයි, දැන් කියවන්න කම්මැලියිනම් පස්සේ කියවන්න Notepad හෝ Offline Save දාගන්න. හුඟක් වැදගත් වෙවි. මම පෞද්ගලික හුඟක් ගරැ කරන කෙනෙක්, ඒ වගේ ඔබ සැම සියළු දෙනා ගරැ කළ යුතු කෙනෙක් ! ඔබ දැන් Online පවා ඉන්නේ ඔහුගේ නිර්මාණ නිසාමයි ! නිකොලා ටෙස්ලා උපත ලැබුවේ ක්‍රොයේෂියාවේ සර්බියානු පවුලකයි. ඒ 1856 ජූනි 10 වනදා අකුණු ගසන මධ්‍යම රාත්‍රියේයි. ඒ නිසාම ඔහුව විදුලියෙන් උපන් දරුවා ලෙසද හැඳින්වුනා. ඔහුගේ පියා ඕතොඩොක්ස් පූජකයෙකු වූ බැවින් ඔහුට තම පුතාවද පූජකයෙකු කිරීමට අවශ්‍ය වුණා. නමුත් තම මව නිවසේ වැඩ පහසු කරගැනීමට නිර්මාණය කළ විවිධ උපකරණ හා ක්‍රම දුටු කුඩා ටෙස්ලාට අවශ්‍ය වුණේ තාක්ෂණය ඉගෙනගැනීමටයි. දිනක් ඔහුගේ සුරතල් බළලාගේ ලෝම වලින් හටගත් කුඩා ස්ථිති විද්‍යුත් ධාරාවක් වැදුණු ටෙස්ලා තමන් විදුලිය ගැන ඉගෙන...
Posts
Showing posts from October, 2025
බ්‍රහ්ම ලෝක
- Get link
- X
- Other Apps
බුදු දහමේ කියැවෙන පරිදි බ්‍රහ්ම ලෝක ගණන (20) දිව්‍ය ලෝක ගණනට වඩා වැඩිය. බුදු දහමේ ඉගැන්වීමට අනුව බ්‍රහ්ම ලෝක ගැන විස්තර පහත දැක්වේ. 🌺 රූපාවචර බ්‍රහ්ම ලෝක ________________________ අරූපාවචර බ්‍රහ්ම ලෝක මෙන්ම රූපාවචර බ්‍රහ්ම ලෝක ද ධ්‍යාන වැඩීමෙන් අත්කරගන්නා මානසික තත්ත්වයන් තුළින් පමණක් ළඟා කරගත හැක. ඊට අදාළ වන්නේ රූප ධ්‍යානයන් ය. නමුත් අරූපාවචර ධ්‍යාන වලට වඩා රූපාවචර ධ්‍යාන මට්ටම් කිහිපයකින් යුක්ත නිසා ඒවාට අනුරූපව රූපාවචර බ්‍රහ්ම ලෝක ද වෙනස් වේ. රූප ධ්‍යාන යන නමින්ම අදහස් වන පරිදි මෙම ලෝක වල වාසය කරන්නන් හට රූපමය ශරීරයක් ඇත. නමුත් එම රූපය අපගේ ශරීරය තරම් දළ නොවේ. එසේම ඉහළ ස්තර වල වාසය කරන්නන් හට පහළ ස්තර වලට ගමන් කිරීමේ හැකියාවක් ද ඇත. නමුත් එසේ ගමන් කළ විට එම පහළ ලෝකයේ වාසය කරන්නන් හට පෙනීම පිණිස ඔවුනට තම ශරීරය දළ කරගත යුතු ය. මීට උදාහරණයක් 'ජනවසභ සූත්‍රයේ' දැක්වේ. රූපය දළ වැඩි වනවිට එය විවිධ ආබාධයන්ට, රෝග වලට ගොදුරු වීමේ සම්භාවිතාව වැඩි වේ. එබැවින් ඉහළ ලෝක වල වාසය කරන්නන් පහළ ලෝකයන්ට පිවිසීමට ප්‍රිය කරන්නේ ම නැත. එමෙන්ම අරූපාවචර බ්‍රහ්ම ලෝක වලින් පහළ ඇති සියලුම ලෝක වල තවත්...