Posts

Showing posts from March, 2025
 ලංකාවෙ අධිවේගී මාර්ග design කරලා තියෙන්නේ පැයට කිලෝමීටර් 100-120ක උපරිම වේගයකට යටත්ව. ඒ කියන්නෙ ඔය අධිවේගී මාර්ග වල සාමාන්‍ය තත්ත්වයට වඩා දුර්වල රියැදුරෙකුට, සාමාන්‍ය තත්ත්වයට වඩා දුර්වල වාහනයක වංගු, කදු, පල්ලම් වල ආරක්ශිතව යන්න පුලුවන් උපරිම වේගය පැ.කි.මී 120යි. එහෙම පාරක නීත්‍යානුකූලව යන්න පුලුවන් උපරිම වේගය පැ.කි.මී 100 යි. ඒකට කියන්නෙ posted speed කියලා. එහෙම අඩු අගයක් දාන්නෙ අධිවේගී මාර්ගය භාවිතා කරනන්නගෙ ආරක්ශාවට.  වාහනයකට තමන් ඉදිරියේ තියෙන යම්කිසි බාධකයක් දැකලා වාහනේ සම්පූරනයෙන් නවත්වාගන්න අවශ්‍ය දුරට කියන්නෙ stopping sight distance කියලා. මේ stopping sight distabce එකට කොටස් දෙකක් අඩංගුයි. පලවෙනි එක brake reaction distance. දෙවෙනි එක braking distance.  Brake reaction distance කියන්නෙ තමන් ඉදිරියේ තියෙන යම්කිසි බාධකයක් දැකලා ඇහැ විසින් මොලේට පණිවිඩයක් යවලා මොලේ කකුලට බ්‍රේක් ගහපන් කියලා පණිවිඩය යවන්න ගතවන කාලය තුල වාහනය ඉදිරියට ගමන් කරන දුර. Below average driver කෙනෙක්ට මේ සදහා තත්පර 2.6 ක් ගතවෙනවා ASHTON guidelines වලට අනුව. ඒ කියන්නෙ දල වශයෙන් පැයට කි.මී 100 ...

#ඔයාගෙ_බව්වටත්_ #පාවො_හැඳුනොත් #මොකද_කරන්නෙ ?

 #ඔයාගෙ_බව්වටත්_ #පාවො_හැඳුනොත් #මොකද_කරන්නෙ ? Facebook හි පළ වූ ලිපියක් ඇසුරින් උපුටා ගන්න ලඳ අතර සියලු ප්‍රණාමය මුල් කතුවරයා( @Sanka Wikramarachchi ) සතුවේ. අන්තර්ගත තොරතුරු හි වටිනාකම සහ නිරවද්‍යතාවය හේතුවෙන් පළකරන ලද්දෙමු..🌈❤ බව්වොන්ගෙ බඩවැල (අන්ත්‍රය )කොටයි ඊට හේතුව භාගෙට ජීරණය වූ මස් දිරවීම පිනිසයි. මේ ගැන සදහනක් කලේ අපි කතාකරන මාරාන්තික පාවෝ වෛරසය පහරදෙන්නෙ මෙයාගෙ බඩවැලට නිසයි🤔.පාවෝ කියන්නෙ වෛරස් එකක් කියල අපි හැමෝම දන්නව වෛරසයකට අදාල බෝවෙන ක්‍රම .ඒවගේම සුව වෙන ක්‍රම තියනව .පාවෝ air bone මෙයා හුලගින්, ස්පර්ශයෙන්, තැවරීමෙන්, කේටයෙන්,මල පහ වලින් බෝවෙනව . හැදුනට පස්සෙ හොද කරන්න මේකටම කියල බේතක් නෑ. මේ ලෙඩේ වැඩිම බලපෑමක් එල්ල වෙන්නෙ පැටවුන්ට මුලින්ම එයාල කෑම කන එක වතුර බොන එක නතර කරල බයෙන් වගේ මූන දිහා බලනව .නහය වේලෙනව ඇස් යට දිව විදුරුමස් සුදු පාට වෙනව .ඔන්න ඊලගට බඩ කලත්තල අමාරුවෙන් වමනෙ දානව .ඊලගට කුණු මාලු ගදට කොළ පාට හෝ ලේ සමග බඩ එලිය යනව. වෛරසයක් සුවවීමට ප්‍රතිදේහ නිපදවන්නෙ ශරීරයෙන් මයි.එතකොට මොකක්ද මේ පාවෝ කියල විදින එන්නත .? ඒක අපිට දෙන පෝලියෝ වගේ අඩපන කරන ලද වෛරසය...
 අද සත්තව සංගණනයට පෙර ලිපිය කියවන්න. සතුන් සය දෙනා මුල් කොට වදාළ දෙසුම. පින්වත් මහණෙනි,ඒක මේ වගේ දෙයක්.ඇඟපුරා තුවාල හට ගත්,පැස වූ තුවාල ඇති පුරුෂයෙක් කටු වනයකට ඇතුලු වෙනවා.එතකොට කුස කටු ඔහුගේ පාද හිල් කරනවා.කටු සහිත කොළ ඔහුගේ සිරුර සුරනවා.එතකොට පින්වත් මහණෙනි,ඔය විදියට ඒ පුරුෂයා බොහෝ සෙයින් ම ඒ හේතුවෙන් දුකට දොම්නසට පත් වෙනවා. පින්වත් මහණෙනි,ඔය විදියේම ඇතැම් භික්ෂූවක් ගමට ගිය විට,ඇරණ්‍යයකට ගිය විට,නුගුණ කියන අය ලැබෙනවා. "ඒ මේ අයුෂ්මතුන් මේ විදියට වැඩ කරන්නේ.මේ විදිහයි ගති පැවතුම්,අපිරිසීදුයි.ගමට කටුවක්" කියලා ඒ පුද්ගලයා කටුවක් බව දැන සංවර වීමත්,අසංවර වීමත්,තේරුම් ගත යුතුයී. පින්වත් මහණෙනි, අසංවර වන්නේ කොයි විදිහටද? පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුවක් ඇසින් රූපයක් දැකලා ප්‍රිය ස්වභාව ඇති රූපයට ගිජු වෙනවා.අප්‍රිය ස්භාවය ඇති රූපයට කිපෙනවා.කය පිළිබඳ සිහිය නොපිහිටුවාගෙන ඉන්නවා.පටු සිතින් ඉන්නවා.යම් තැනක ඒ උපන් පාපී අකුසල් ඉතිරි නැතුව නිරුද්ධ වෙනවා නම් ඒ චිත්ත විමුක්තියත්,ප්‍රඥා විමුක්තියත් ගැන ඒ ආකාරයෙන් ම අවබෝධයක් නෑ. කනෙන් ශබ්දයක් අසා ....(පෙ).... නාසයෙන් ගන්ධයක් ආඝ්‍රාණය කරලා .......