#ඔයාගෙ_බව්වටත්_ #පාවො_හැඳුනොත් #මොකද_කරන්නෙ ?

 #ඔයාගෙ_බව්වටත්_

#පාවො_හැඳුනොත්

#මොකද_කරන්නෙ ?


Facebook හි පළ වූ ලිපියක් ඇසුරින් උපුටා ගන්න ලඳ අතර සියලු ප්‍රණාමය මුල් කතුවරයා( @Sanka Wikramarachchi ) සතුවේ. අන්තර්ගත තොරතුරු හි වටිනාකම සහ නිරවද්‍යතාවය හේතුවෙන් පළකරන ලද්දෙමු..🌈❤


බව්වොන්ගෙ බඩවැල (අන්ත්‍රය )කොටයි ඊට හේතුව භාගෙට ජීරණය වූ මස් දිරවීම පිනිසයි. මේ ගැන සදහනක් කලේ අපි කතාකරන මාරාන්තික පාවෝ වෛරසය පහරදෙන්නෙ මෙයාගෙ බඩවැලට නිසයි🤔.පාවෝ කියන්නෙ වෛරස් එකක් කියල අපි හැමෝම දන්නව වෛරසයකට අදාල බෝවෙන ක්‍රම .ඒවගේම සුව වෙන ක්‍රම තියනව .පාවෝ air bone මෙයා හුලගින්, ස්පර්ශයෙන්, තැවරීමෙන්, කේටයෙන්,මල පහ වලින් බෝවෙනව . හැදුනට පස්සෙ හොද කරන්න මේකටම කියල බේතක් නෑ. මේ ලෙඩේ වැඩිම බලපෑමක් එල්ල වෙන්නෙ පැටවුන්ට මුලින්ම එයාල කෑම කන එක වතුර බොන එක නතර කරල බයෙන් වගේ මූන දිහා බලනව .නහය වේලෙනව ඇස් යට දිව විදුරුමස් සුදු පාට වෙනව .ඔන්න ඊලගට බඩ කලත්තල අමාරුවෙන් වමනෙ දානව .ඊලගට කුණු මාලු ගදට කොළ පාට හෝ ලේ සමග බඩ එලිය යනව. වෛරසයක් සුවවීමට ප්‍රතිදේහ නිපදවන්නෙ ශරීරයෙන් මයි.එතකොට මොකක්ද මේ පාවෝ කියල විදින එන්නත .? ඒක අපිට දෙන පෝලියෝ වගේ අඩපන කරන ලද වෛරසය තමයි ශරීර ගත කරන්නෙ .ඒ වෛරසය මරන්න ප්‍රතිදේහ ප්‍රතිශක්තිකරණ පද්ධතිය නිපදවනවා .ඒ නිපදවන ප්‍රතිදේහ යලිත් වෛරසය පිටතින් ඇගට ඇතුල්වෙන්න හැදුවොත් වෛරසය මරල දානව. මෙම ප්‍රතිශක්තිකරණය මවගෙන් පැටවාට උපතේදි යනව.මේක උපතේ සිට සති 4ක කාලයක් ඇගේ තියනව .අපි සති 5ට කලින් පාවෝ ගැහුවොත් ප්‍රතිශක්තිකරණ දුර්වල වෙලා නැවත ප්‍රතිශක්තිකරණ පැටවාගෙ ඇගේ හැදෙන්න යම් කාලයක් යනව .ඒ කාලෙ ඇතුලත මේ වෛරසය ශරීර ගතවීමේ සම්භාවිතාව වැඩී. මේ වෛරසය කෙලින්ම බඩවැල ආහාරයට ගන්නව .එයින් පිටවම ලේ තමයි ජීරණය වෙලා කොල පාටට කලු පාටට පිලී ගදට යන්නෙ . පාවො ලක්ෂණ ඉස්මතු වෙන්න පටන් ගත්ත ගමන් ඔයා බව්වව වෛද්‍ය වරයෙක් වෙත යොමු කරන්න ඕනෙ. හැබැයි මතක තියාගන්න මේ වෛරසයට බෙහෙත් නැ.. වෛද්‍ය වරයා කරන්නෙ රෝගයට ප්‍රතිදේහ නිපදවල වෛරසය ශරීරයතුල මරා දමනකල් අනිකුත් පද්ධති ආරක්ෂා කිරීමටත් අභ්‍යන්තර තුවාල සුවවෙන්නත් බෙහෙත් දෙන එක (Antibayotik - ප්‍රතිජීවක ඖෂධ ) . පාවෝ මගින් තුවාල කරන බඩවැල දුර්වල වෙනකල් බලන් ඉන්නව බැක්ටීරියා අන්න එයාල එකතූනොත් බඩවැල පාවෝ තුවාල කරපු තැනින් පටන් අරන් අන්ත්‍රය ආහාරයට ගන්න පටන්ගන්නව. සතාව බේරගන්න එක වෛද්‍යවරයාට තනියෙන් කරන්න බෑ. වෛද්‍යවරයා බව්වට ප්‍රතිජීවක දෙනකොට අපේ අතිනුත් වෙන්න ඕන ලොකු වැඩකොටසක් තියෙනව. ඇත්තටම සතාව බේරගන්න පුලුවන් වගකීම තියෙන්නෙ අපේ අතේ . මේ ලෙඩේ හරිම හෙමීට තමා හොඳ වෙන්නෙ එතකන් හොඳ ඉවසීමකින් අපි අපේ වගකීම් සතා වෙනුවෙන් මහන්සි වෙලා ඉටු කරන්න ඕනේ.. ඒම කළොත් ජීවිතේ බේරගන්න පුළුවන්..


පියවරෙන් පියවර හරියටම කලොත් කිසිම පැටියෙක් මැරෙන්නෙ නෑ..


1 : පාවෝ රෝග ලක්ෂණ පහල වූ වහාම වෛද්‍ය වරයෙක් වෙත ගෙනයන්න.


 2: වෛද්‍ය ප්‍රතිකාර යෙන් පසු ගෙදර අරන් ඇවිත් බේත් ගොඩවල් ගිල්ලන්න එපා. කිරි,බිත්තර ,මස්,මාලු ,කිසිම දෙයක් දෙන්න එපා. 


 3:සතාට වමනය නවත්තන්න ඕනි නිසා උකුවට පෙරාගත් බත් කැද දියරය තේ හැදි බාගෙ ගානෙ පැය බාගෙන් බාගෙ පොවන්න.බත් කැද වල ඇති සෙවල ගතිය නිසා .වමනය ඒම වලක්වනව. බත් කැඳ වගේම බැඳි හාලෙ කැඳත් ගොඩක් හොදයි.


4: ජීවනී හෝ වතුර අඩු කෝප්පයකට සීනි හැදි 3 ක් දාල දියකරල බත් කැද පොවල විනාඩි 15කට පස්සෙ පොවන්න..ඒම පොවනකොටත් ගොඩක් එක පාර පොවන්න නම් එපා. වමනෙ දානව පොඩි එක්කෙනෙක් නම් 1.5ml වගෙ දෙන්න. ලොකුයි නම් ඔයිට වටා පොඩ්ඩක් වැඩි පුර පොවන්න.. පොඩ්ඩ පොඩ්ඩ ගැප් එකක් ඇතුව ඇගට යවන්නයි ඕනෙ.. මේ මගින් සතා විජලනය වීම නවත්තන්න පුලුවන් .වමනෙ නැවැත්තුව .බත් කැද වලින් විජලනය නැවැත්තුව සීනි දාපු වතුරින් .බත් කැදත් වතුරත් විනාඩි 15 න් 15දිගටම නොනවත්වා දෙන්න.නැවත පැය 24ක් ඉක්ම යන්න කලින් ආයෙ වෛද්‍ය වරයා ලගට ගිහින් කලින් විද්ද එන්නත් එදෙකම විදගන්න . සිංහල බේත් බඩු කඩෙන් වදකහ කුඩු 5g අරන් ඇවිත් ගම්මිරිස් ඇට තරම් ගුලි වතුරින් අනල හදල .දවසකට එක ගානෙ දෙන්න. සූදූරු කබලෙ බැඳලා තම්බලා ගන්න වතුරත් සතාට දෙන්න පුළුවන් නම් ගොඩ වටිනව..විනාඩි 15න් 15 ට මාරුවෙන් මාරුවට බැඳි හාලෙ කැඳ, ජීවනී/සීනි දාපු වතුර/ සූදුරු වතුර..ඔන්න දෙවනි දවසෙත් කලින් විදියටම කරන්න සතා හවස්වෙද්දි බොහෝ දුරට කෑම ඉල්ලන්න ඉඩ තියනව .මාරි බිස්කට් වතුරින් හෝ කෝපි එකක පොගවල කන්න දෙන්න .කනවනම් බිස්කට් එකක් දෙන්න නැත්නම් සීනී වතුරයි බත් කැදයි විතරයි .සතා පව් කියල කිරි එහෙම හදල දුන්නොත් අර මැරීගන එන වෛරසය කිරි එක ක්ෂේත්‍රය කරගන ආයෙ නැගිටිනව .ඒ කියන්නෙ ආයෙ මුලට වැටෙනව .ඒ නිසා වැඩේ හරියටම කරන්න .තුන්වන දිනයෙත් පැය 24ක් යන්න කලින් පෙර දුන්න ඇන්ටිබයොටික් දෙකම දෙන්න . දැන් බත් කැද නම් නොදුන්නත් කමක් නෑ හැබැයි වතුර දෙන්න .සේලයින් එක පස්සෙ යන්න එපා . ඔයාල හරියටම වැඩේ කලානම් තුන්වෙනි දවසෙ රෑ වෙන කොට සතා කෑම හොයනව මාරි බිස්කට් කන තරම් දෙන්න බය නැතුව .පාමසි එකෙන් ගන්න මෙට්‍රො ජෙලි සිරප් එකක් පැය 6න් 6ය තේ හැදි 1 ගානෙ දෙන්න .දැන් සතාට වතුර පොවන්න ඕනි නෑ එයා වතුර බොනව .කිරි ,බිත්තර ,මස්,යෝගට් නම් දෙන්න එපා, පස්වෙනි දවසෙ ලින්නො මාලු කුට්ටි කපල හෝදල තුනපහ ,ලුනු ,දාල තම්බල බත් නොදී මාලු විතරක් දෙන්න .මාරි බිස්කට් දෙන්න .14වෙනි දවසෙන් පස්සෙ ඕනම දෙයක් කන්න දෙන්න සතාව උනුසුම් වතුරින් නාවල පාවෝ එන්නත ලබාදෙන්න 😍. වෛද්‍ය වරුන් ඔවුන්ගේ සේවය ලබා දෙන අතර කාර්යබහුල බැවින් මෙවැනි උපදෙස් දීමට නොහැකි බව කරුනාවෙන් සිහි තබාගන්න . රෝගය සඳහා ලබා දෙන ප්‍රතිජීවක මේ තුළ සඳහන් නොකරණ අතර සතාගෙ වයස ,බර, ශරීර ශක්තිය මත එය වෛද්‍ය නිර්දේශය මත ලබා දීමට කාරුණික වන්න. ඒ අතර වාරයෙ ඔබ ඔබගේ වගකීම් ඉටුකරන්නෙ නම් පාවො යනු තවදුරත් මාරාන්තික වෛරසයක් ලෙස ඔබ නොසිතනු ඇත..

Comments