ගොඩක් පවුල් ප්‍රශ්න ඇතිකරන අපි නොදකින හේතුව......


ගොඩක් ආදරෙන් ඉදල, දෙන්න කිරි වල පැනි වගේ ගැලපිලා, ලොකු වෙඩින් එකක් අරන් , කල් යල් බලල දරුවෝ ගෙනත් ටික කාලෙකින් දෙන්නට දෙන්න එපාම වෙලා අපි වෙතට එන කපල්ස් ගොඩක් ඉන්නවා. 


ඔවුන් අපි වෙතට එන්නේ......


✨මෙයා මට ආදරේ නෑ.

✨මෙයාට තරහ යනවා.

✨මෙයා කෙල්ලෙක්/ කොල්ලෙක් එක්ක චැට් කරලා අහු වුනා.

✨මෙයා නිතර පොඩි දේටත් මට කඩන් පනිනවා

✨මට මෙයා ගැන ෆීලින්ග්ස් නෑ. 

✨මෙයාට මාව දැනෙන් නෑලු.


  වගේ  හේතු කියාගෙන වුනත් අපි දෙදෙනා එක්කම විවුර්තව සාකච්චා කරනවා. ගැඹුරට , ගැබුරට යද්දි, ඔය ප්‍රශ්න වල ඇතුලේ තිබෙන ප්‍රශ්නය තමා දරුවන්ව ආදරේට හරස් කරගෙන.


ඒක නිකන් හරියට පිහිය රත්ත්‍රන් නිසා ඇනගෙන වගේ වැඩක්. 


අපේ ළන්කාවේ දරුවෙක් හදන කාර්‍යයේදී අපි වැඩියෙන්ම හිතන්නේ ළමයාගේ බර, හමේ වර්නය, ඉස්කෝලේ වැඩිම ලකුන ගැනීම වගේ කාරනා විතරයි. බොහො දෙනෙක් ගැබිනි වෙලා දරුවාට හොදම භාන්ඩ එකතු කරාට බිලිදා හැඩගස්වා ගැනීම ගැන, දෙමාපිය දූදරු සීමා ගැන ඉගෙන ගන්නේ නෑ. ඒ ගැන පත පොතක් වත් කියවන්නෙත් නෑ. 


දෙමාපියෝ දෙන්නගේ සම්බන්දය රැකගන්න නම් දරුවෙක් මේ ලෝකෙට ආවහම හැසුරවන විදිහක් තිබෙනවා. 


01) අද ඉදන් බබා අන්ක එක.


නෑ... විවාහයක ඉද්දි අඹු සැමි දෙදෙනා එකිනෙකාට අන්ක එක වෙන්න ඕනේ. හැම වෙලේම එකිනෙකා කෙරෙහි අවදානය , ආදරය දරුවාට වඩා ලැබෙන්න ඕනේ බිරිදට සහ සැමියාට. "බබා තමයි දැන් ජීවිතේ" කියන ආකල්පය හිතට ගන්න එපා. 


02) අපි දැන් දෙමාපියෝ -ජීව්තේ සතුට විදින්න ඕනේ දරුවා එක්කයි


ගොඩක් අය ළමයි නැතුව කොහේ වත් යන්නේ නෑ.  දෙන්න එකට ලන්ච් යන්න ඇහුවා කියල වයිෆ් බනිනවා..


" ඔයාට හිතක් පපුවක් නැද්ද? දරුවා දාල මට යන්න බෑ. "


ඉතින් ඔය ආක්ල්පය නිසා දරුවා නැතුව එකිනෙකාට තනි වෙන්න, ජීවිතේ විදින්න ඉඩක් නැති වෙද්දි නොදැනීම ආදරේ ඈත් වෙනවා.


03) ළමයා ඕනේ වෙලාවට නිදාගනියි.


මෙන්න මේක තමා ලොකුම වරද. දරුවෙක් පුන්චි කාලෙම හොද රුටින් එකක හද්න්න ඕනේ. ඒක බබාගේ වර්දනයට වගේම අම්මාගේ මානසික සෞඛ්‍යයට වගේම දෙමාපියන්ගේ ආදරයට ඝිජුවම බලපානවා. 


කුඩා දරුවා හේ දින චර්‍යාව සැලසුම් කරලා හවස නැප් ටයිම් සීමා කරලා, නැප් ටයිම් දවල් මැදට අරන් වගේ ක්‍ර්ම භාවිතා කරලා රෑ හතත්/ අටත් අතර වගේ නිදි කරවන්න ඕනේ. එකදිගට නින්ද යන එකෙන් බබාගේ වර්දනයට හිතකර වෙනවා වගේම, දරුවන් පොඩි ස්ට්‍රෙස් වෙලා ඉන්න කාලෙදි දෙමාපියෝ දෙන්නගේ සම්බන්දයට ලොකු රුකුලක් වෙනවා.


දරුවා නිදි කරලා ඉතුරු වෙලාවෙ ගෙවල් අතුගගා ඉන්නෙ නැතුව ඒකාලේ දෙදෙනාගේ ආදරය, සමාගමය රැකෙන විදිහට කල් ගෙවන්න. පොඩි චැට් එකක් දාන්න , දෙන්න බදාගෙන මූවි එකක් බලන්න, ලස්ස්න සින්දු ටිකක් අහන්න, ලින්ගික ඇසුරට ඒ කාලය වෙන් කරන්න. 


දරුවා Sleep Training කරන එක අත්‍යවශ්‍යය දෙයක්. රූටින් එකක් සෙට් කරන එකත් හරියට කරන්න.


04) කුක්කු එක කටේ නොගහ නින්ද යන්නේ නෑ. 


වාඩි වෙලා කිරි දීල ගුඩුස් ඇරලා නිදි කරවන එක සාමාන්‍යය ක්‍ර්මය වුනත් ගොඩ දෙනෙක් මාස තුනෙන් පස්සේ එහෙම්ම ඇදේ තියන් පියයුර කටේ ගහල නිදි කරවනවා. මේක මුලින් ලේසි වුනාට ලොකු වෙද්දි වැඩේ අමාරුයි. අනික් පැත්ත හැරෙන්න වත් බෑ. ළමයා ඇහැරෙනවා. අම්මට කොන්ද කැක්කුම. ඒ මදිවට රෑ පුරා කිරි බීල අම්මට උදේට පනක් නෑ.


ඝන ආහාර ගන්න කාලය දෙවෙනි වසරෙන් විතර පස්සේ ඉතා දිගු කාලයක් මවු කිරි දීම දරුවාට සහ මවට දෙදෙනාටම අවාසියි. ඒ වගේම දෙමාපියන් සම්බන්දය පලුදු වෙලා යන්න ඒක හේතුවක් වෙනවා. අම්මලට හුගක් තරහ යන්න, ස්ට්‍රෙස් වෙන්න ලොකු හේතුවක් මේ අසාමාන්‍ය දිගු කලක් මවුකිරි දීම නිසා හරි නින්දක් නැති කම, ශාරීරික අපහසුකම් සහ ළමයා අම්මා වෙතටම යොමුව සිටීම. 


ඒ නිසා මුල් කාලෙම නැගිටල බබාට කිරි දීල ගුඩුස් යවල නින්දට දාන්න. නින්දෙන් පියයුර කටේ ගහල නිදා ගන්න එපා. ඒක කෙටි කාලේනව ලේසි වුනාට දිගු කාලීනව ගැටලු රැසකට මග පාදනවා.


05) බබා අපි එක්ක තමා කසාද බදිනකම්ම දොයියන්න ඕනේ


මේකත් ලන්කාවේ මාපියන් කරන වරදක් . ළමයා දෙමාපියො දෙන්නා මැද්දේ නිදි කර ගැනීම. අවුරුදු හත වත් වෙද්දි හිමින් එයාලව එයාලගේ කාමරයකට හුරු කර ගැනීම දරුවාගේ පෞර්ශයට වගේම දෙමාපියන් ගේ බැදීමට හේතු වෙනවා. 


විවාහය කියන්නේ ජීවිතේ පුරා යන ගමනක්. දරුවෝ ලොකු වෙලා අපිව දාල එයාලගේ ජීවිතේ එක්ක ඉස්සරහට යනවා. ඉතින් මුල වරද්දා ගන්න හොද නෑ. 


අපි හැම වෙලේම බිරිද/සැමියා එක්ක තියෙන සම්බන්දය රැක ගන්න, පෝශනය කරන්න අපේ අවදානය දෙන්න ඕනේ. මොකද දෙමාපියන්ගෙ සම්බන්දය පලුදු වුනාම වැඩියෙන්ම විදවන්නේ දරුවො. දික්කසාද මාපිය යුවලකට වඩා අසන්තෝශයෙන් තරහෙන් ඉන්න මාපිය යුවලක් ළමයෙක්ට හරිම වේදනාවක්.


අනික අපේ ජීවිතේ ලොකුම සතුට එකිනෙකාගේ ආදරයම නෙවේද? ඔබට විවාහ ජීවිතේ ගැටලු තිබේ නම් හොදම දේ පවුලේ වැඩිහිටියන් සමග නොව සුදුසුකම් ලත් වුර්තිකයෙක් සමග සහභාගි වීමයි.

#reshika #family #counselling #love


Reshika Dissanayake Godakanda 

Counselor/ Psychotherapist 

චැනලින් සදහා වට්ස් අප් පනිවිඩයක් යොමු කරන්න 077 996 9712

Comments