කෙටියෙන්ම කීවොත් අද ලිපිය ලියන්නෙ "පිලෝ ටෝක්"  ගැන 


1.. පිලෝ ටෝක් කියන්නෙ අපි සෙක්ස් කරලා ඉවර උනාම වෙලක් හාපු මීහරක් වගේ ගොර ඇද ඇද නිදියනව වෙනුවට තුරුල් වෙලා රටේ නැති වල්පල් කියව කියව ඉන්න එකට.. 


2.. සෙක්ස් කියන්නෙ රට දැය සමයට කරන්න ඕනෙ මෙහෙවරක් කියලා හිතන ගොබ්බයො ඉන්න රටක ජනතාව කරන්නෙ සෙක්ස් කරපු ගමන්ම ඔන්න අපෙන් රටට කෙරෙන්න ඕනෙ ටික උනා කියලා නිදියන එකනෙ 


උන් දෙන්නගෙ සෙක්ස් උන්ට වත් සෙට් වෙනවද කියලා උන් දෙන්න දන්නෙත් නෑ.. 


ටික දවසකින් පවුලේ ප්‍රශ්න කියලා මාව හොයාගෙන ඇවිත් ෆැමිලි කවුන්සලින් වලට මට සල්ලි පුදනවා .. මම එහෙම එන ගෑනු අයගෙන් මම අහන ප්‍රශ්නයක් තමා ඔයාලගෙ සෙක්ස් ලයිෆ් එක කොහොමද කියන එක. එතකොට එයාල කියනවා මට නම් සතුටක් නෑ ඒත් ඉතින් මට ඒක ගානක් නෑ ඔහෙ ඉන්නව ඉතින් වගේ කතා.. මොකද ලංකාවෙ සමහර ගොබ්බ හාමුදුරු වරු සෙක්ස් කරන එකට කියන්නෙ වල් කං කරනව කියලනෙ.. උන්ගෙ ආච්චියි සීයයි ලමයි හදලා තියෙන්නෙ ඇඟ නොදැකලු සෙක්ස් කලේ ලමයි හදන්න විතරලු වගේ අදහස් දීලා ඔලු කාලා තියන සමාජයක ඉතින් සෙක්ස් කියන්නෙ විඳින්න ඕනෙ දෙයක් නෙවේ කියලා හිතන එක මහ පුදුමයක් නෙවෙයි.. හැබැයි හදවතට තට්ටු කරලා අපි අපෙන්ම අහලා බැලුවොත් මේ ලෝකෙ අපි වැඩියෙන්ම ආස ක්‍රියාකාරකම තමයි සෙක්ස් කියන්නෙ.. ඒක එහෙම නෙවෙයි කියන උන් ඉන්නවනං උන්ගෙන් හැට පැනපු උන් ආරාම වලටයි හැටට අඩු උන් බෙහෙත් ගන්න ක්ලිනික් වලටයි යවන්න ඕනෙ.. 


ඉතින් මේ ලෝකෙ අපි ආසම කරන දේ කරනකොට අපි ඒක විඳින්න ආස විදිහ අපි එක්ක ඒක කරන එකාට කියන්නෙ නැතුව අන්දරේ මලා වගේ වැටිලා ඉඳලා හරියන්නෙ නෑ.. අපි ගවුමක් මස්සවගන්න ගියාම ඔන්නොහෙ ටේලර්ට ඕනෙ විදිහට මහලා දෙයිනෙ කියලා බලාගෙන ඉන්නවද.. එහෙම නැත්නම් "අනේ අක්කෙ අතනින් බොත්තමක් දාන්න අනේ අක්කෙ මෙතනින් සිප් එක දාන්න අනේ අක්කෙ අතන වාටිය මෙහෙම මහන්න මෙතන වාටියෙ මෙහෙම නවන්න"  කිය කියා තමන් ආස විදිහට මහගන්නවද.. ඉතින් එහෙම කරන අපි සෙක්ස් වලදි අපේ පාට්නර් එක්ක කතා කරලා මම ආස මෙහෙමයි මට ඔයා මෙහෙම කරන්න මම මෙහෙම කරනවට ඔයා ආසද අපි මෙහෙම කරමු කියලා කියන්නෙ නැතුව බූරුවො වගේ නිකන් ඇඳන් වලට නාකි වෙලා මැරිලා යනවා.. හස්බන්ඩ් එක්ක සෙක්ස් ගැන කතා නොකරන්නෙ ඇයි කියලා මම අහපුවාම ගොඩක් ක්ලයන්ට්ලා උත්තර දෙන්නෙ මම ඕවා කියන්න ගියොත් ඉතින් හස්බන්ඩ් කියයි ඔයා කොහොමද ඕව දන්නෙ කාත් එක්කද කලින් ඕව කලේ අපෝ ඔයාට සෙක්ස් ගොඩක් ඕනෙ නේද මාව මදි වෙලා වෙන එකෙක් එක්ක යයිද දන්නෙ නෑ කියලා.. ඒක නිසා ඕව කතා කරනවට වඩා හොඳයි පවුල රැකගෙන ඉන්න එක කියලා.. එහෙම අයට නම් ඉතින් කියන්න වෙන්නෙ සොරි නංගි කියලා තමා .. මොකද උඹලට ඔය හොයාගෙන තියන හනමිටි අදහස් තියන සුදාප්පච්චිලාව කසාද බැන්දෙවුවෙ අපි නෙවේනෙ.. 


ඉතින් පිලෝ ටෝක් එකක් හරහා අපේ සෙක්ස් ලයිෆ් එක හරිම සුන්දර චමත්කාර ආදරනීය වල් වනචර😁😁😁 එකක් කරගන්න අපට පුලුවන් වෙනව වගේම ඒ හරහා ලැබෙන සතුට එක්ක අපේ මුලු ජීවිතේම ආතල් එකේ ගතකරගෙන මැරිලා යන්න පුලුවන් වෙනවා.. 


අපි මනෝවිදයාත්මකව ගත්තම සෙක්ස් කලාට පස්සෙ අපි ඉන්නෙ හරිම සැනසිලිදායක සැහැල්ලු මානසිකත්වයක .. ඒ වෙලාව තමයි අපි සතුටින්ම ඉන්න වෙලාව.. ඒ වෙලාවෙ තමයි අපි පිලෝ ටෝක් එක පටන් ගන්න ඕනෙ.. ඇඟට කිසිම කරදරයක් අවහිරයක් නැති විදිහට සුවපහසු ඉරියවුවකට වැතිරිලා කතාබහ කරන්න ඕනෙ.. ඒ වගේම තමන්ගෙ ඇස් දෙකෙන් සහ අනිත් කෙනාගෙ ඇස් දෙක දිහා කෙලින් බලන්න පුලුවන් විදිහට ඉන්න ඕනෙ.. ඒ වගේම තමන්ගෙ ඇස් දෙක සහ අනිත් කෙනාගෙ ඇස් දෙක අතර් දුර අඩියක් විතර තමා උපරිම තියෙන්න ඕනෙ.. 


පිලෝ ටෝක් එකකදි කතා කරන්න ඕනෙ මොනවද.. 


*.මූලිකවම කතා කරන්න ඕනෙ මේ දැන් ටිකකට කලින් අපි දෙන්නා කරලා ඉවර වුනසෙක්ස් ගැන.. දෙන්නම ඒ ගැන සතුටින්ද ඉන්නෙ. දෙන්නම සුරතාන්තයට පත් උනාද .. තමන් අකමැති දේවල් සිද්ද උනාද.. අනිත් දවසෙ කරනවට කැමති මොනවද.. අපි මෙහෙමත් කරලා බලමුද.. වගේ දේවල් .. 


* ඊට පස්සේ දෙන්නට දෙන්නා දක්වන ආකර්ශනය කැමැත්ත ආදරය වගේ දේවල් ගැන කතා කරන්නත් පුලුවන්. 


* ඕනෙම දෙයක් ගැන මේ පිලෝ ටෝක් එකක කතා කරන්න පුලුවන්.. 


ඉතින් දැන් ඔයාලා කියයි ඕනෙම දෙයක් ගැන මේ පිලෝ ටෝක් එකේදි කතා කරන්න පුලුවන්නම් මොන මගුලටද ඔය වෙලාවටම ඕක කතා කරන්නෙ. ඔය ටික තේ බොන ගමනුත් කතා කරන්න පුලුවන්නෙ කියලා.. ඒත් ඒක එහෙම නෙවෙයි පිලෝ ටෝක් එක කරන වෙලාවෙ අපි ඉන්නෙ අමුතුම රිලැක්ස් එකක.. ඒ වෙලාවට මොනව කතා කලත් සුන්දරයි ආදරනීයයි.. 


කියෙවුවා ඇති.. කරලම බලන්න... 


ජය වේවා සැප වේවා


ධනුෂ්ක කාංචන ජයවීර..

( බලපත්‍ර සහිත වෘත්තීයමය මනෝ උපදේශක )


Dhanushka Kanchana Jayaweera  බොරු කියන්නෝනි නැහැනේ .. ඇත්තටම මං ඔයාට හරීම ආදරෙයි.☺️ පිස්සෙක් වගේ ඉන්න හොඳ කොල්ලෙක්.👍♥️

ගීතාංජලී දිසානායක .

Comments