යෝනි පොරොන්දම
විශේෂයෙන් යෝජිත විවාහයකදී පොරොන්දම් ගැළපීම බොහෝ දෙනකු සිදුකරනු ලබන කාරණයකි. එය අපේ සංස්කෘතිය සමග අතීතයේ සිට බැඳී තිබෙන දෙයකි. මෙම පොරොන්දම් පරීක්ෂණයේදී යෝනි සහ ලිංග පොරොන්දම් ගැළපීම හොඳින්ම සිදුවිය යුතුය යන කාරණය පිළිබඳව බොහෝ දෙනකු වැඩි අවධානයක් යොමු කරයි.
අද යෝනී පොරොන්දම් ගැළපීම ගැන කෙටියෙන් දැනගනිමූ.
විශේෂයෙන් විවහපත් වන යුවළගේ කායික තෘප්තිය ගැන ඔවුන් උපන් වේලාව අනුව පරික්ශා කරනු ලබයි.
මෙම යෝනි පොරොන්දම පිළිබඳ ජ්‍යොතිෂයේ කතාබහ කරනුයේ කිසියම් සතෙකුගේ යෝනියක් හා සම්බන්ධ කර ගනිමිනි. අශ්ව යෝනිය, ඇත් යෝනිය, සැපිනි යෝනිය, ගවදෙන යෝනිය ආදී වශයෙන් යෝනි රාශියක් වේ.
අපි දැන් මෙම යෝනි පොරොන්දම ඔබේ යුග ජීවිතයට ශුභ/අශුභ ඵල ගෙන දෙන්නේ කෙසේද කියා විමසා බලමු.
එකම වර්ගයට අයත් සතෙකුගේ පුරුෂ යෝනි පුරුෂයාටත්, ස්‌ත්‍රී යෝනි ස්‌ත්‍රියටත් හිමි වී නම් එය ශුභයි. උදාහරණයක් ලෙස පුරුෂයා අශ්ව, ස්‌ත්‍රිය වෙළඹ ද, පුරුෂයා ඇත්, ස්‌ත්‍රිය ඇතිනි ද ආදී වශයෙනි. එලෙසින් ම එළු හා එළුදෙන ද, සර්ප හා සැපිනි ද, බළල් හා බැළලි ද, මූසික හා මූසික දෙන ද, ව්‍යාඝ්‍ර හා ව්‍යාඝ්‍ර දෙන ද, මී ගව හා මී දෙන ද, මුව හා මුව දෙන ද, වඳුරු හා වැඳිරි ද, මුගටියා හා මුගටි දෙන ද, සිංහයා හා සිංහ දෙන ද, ගව හා ගවදෙන ද එකම වර්ගයට අයත් සතුන් දෙදෙනාගේ පුරුෂ යෝනි පුරුෂයාට ද ස්‌ත්‍රී යෝනි ස්‌ත්‍රියට පිහිටීම - ඉතා ශුභ වේ.
එසේ ම එකම වර්ගයේ සතෙකුගේ ස්‌ත්‍රී යෝනිය ස්‌ත්‍රී පුරුෂ දෙදෙනාට ම හිමි වී තිබේ නම් එය ද ඉතා ශුභ වේ.
එකම වර්ගයේ සතුන් දෙදෙනෙකුගේ පුරුෂ යෝනිය ස්‌ත්‍රියටත්, ස්‌ත්‍රී යෝනිය පුරුෂයාටත් හිමි වී තිබේ නම් මධ්‍යම යි.
අන්‍යෝන්‍ය වශයෙන් මහා වෛරයක් පවතින සතුන් ලෙස අශ්ව - මී ගව ද, ඇත් - සිංහ ද, එළු - වඳුරු ද, සර්ප - මුගටි ද, සුනඛ - මුවද, බළල් - මූසික ද, ගව - ව්‍යාඝ්‍ර ද සඳහන් කළ හැක. මෙම යෝනි දෙකක දෙදෙනා ම ඉපිද තිබේ නම් ඉතා අශුභයි.
ඉහත දක්‌වන ලද මහා වෛර යෝනිවලට අසු නොවන සතුන් දෙදෙනෙකුගේ පුරුෂ යෝනියක පුරුෂයා ද, ස්‌ත්‍රී යෝනියක ස්‌ත්‍රිය ඉපිද තිබේ නම් එය ද ශුභයි.
දෙදෙනාම අන්‍යෝන්‍ය විරුද්ධ නැති ස්‌ත්‍රී සතුන් දෙදෙනෙකුගේ යෝනිවල ඉපිද තිබේ නම් එයද ශුභයි.
දෙදෙනාම විරුද්ධ නැති පිරිමි සතුන් දෙදෙනෙකුගේ යෝනිවල ඉපිද තිබේ නම් මධ්‍යමයි.
දෙදෙනාම වෛර පිරිමි සතුන් දෙදෙනෙකුගේ යෝනිවල ඉපිද තිබේ නම් ඉතාමත් අශුභයි.
එසේම වෛර සතුන් දෙදෙනෙකුගේ පුරුෂ යෝනි ස්‌ත්‍රියටත්, ස්‌ත්‍රී යෝනි පුරුෂයාටත් හිමි වී නම් එයද ඉතාම අශුභයි.
එසේ ම දෙදෙනා ම මහා වෛර ස්‌ත්‍රී යෝනි දෙකක ඉපිද තිබේ නම් එය ද අශුභයි.
යෝනි පොරොන්දම ගැළපීමේ දී නොගැළපෙන යෝනි වලට හසුවීම තුළින් විවාහ ජීවිතයේ කායික තෘප්තිය නමැති පැතිකඩ ඉතා අසාර්ථක වීමට හේතු වේ. එම නිසා මෙම පොරොන්දම විශේෂයෙන් ම ගැළපිය යුතුම පොරොන්දමකි. අනෙක් පොරොන්දම් ගැළපුනද මෙම පොරොන්දම නොගැළපීම හේතුවෙන් දෙදෙනා ම ඉතා අසහනකාරී තත්ත්වයකට පත්වීමෙන් මානසික පීඩා විඳීම නිසා ජීවිතයේ එක්තරා මට්ටමක පසුබෑමකට ලක්වීමට හේතුවක් වනු ඇත.
තෙරුවන් සරණයි 🙏
පාරම්පරික ජ්‍යොතිෂය කටයුතු සිදු කරන සංජීවනී විජේකෝන්
සියලු ජ්‍යොතිෂය කටයුතු සඳහා ☎️0707009605 watsup/mesenjer මාර්ගයෙන්.
Comments
Post a Comment