ස්වයංවින්දනය
අපි අද කතා කරන්නේ ස්වයංවින්දනය (Masturbation) ගැන.
බස් වල ජැක්මන්ල මේ දවස් වල අම්මටසිරි වෙන්න මේ දේ කරනවා නේ.... මේ ගැන ලියන්නෙම ඒ නිසා, අසහනය වෙනයි, ත්ෘප්තිය වෙනයි....
ලෝකේ බහුතරයක් දෙනා (පිරිමි 95% ක් සහ ගැහැණු 89% ක් පමණ) තමන්ගේ ජීවිතේ කවදාහරි අත්විඳින, නමුත් කිසිම කෙනෙක් එළිපිට කතා කරන්න අකමැති, ලෝකේ "ප්‍රසිද්ධම රහස" තමයි මේක. 🤫
පොඩි කාලේ ඉඳන් අපේ ඔළුවට දාලා තියෙන බේගල් නිසා ගොඩක් අය මේක කරන්නේ මාරම "වරදකාරී හැඟීමකින්" (Guilt). "අනේ මං මේ කරන දේ හරිද? මේක මහා පවක් ද? මට ලෙඩක් හැදෙයිද?" කියන බය හැමෝටම තියෙනවා.
විද්‍යාවෙන් මේක දිහා බලමු. 🧠👇
1️⃣ මොකක්ද මේ ස්වයංවින්දනය කියන්නේ?
සරලවම කිව්වොත්, ලිංගික සතුටක් හෝ උච්චතම අවස්ථාවක් (Orgasm) ලබා ගැනීම සඳහා තමන් විසින්ම තමන්ගේ ලිංගික අවයව උත්තේජනය කිරීමයි. මේක අලුත් දෙයක් නෙවෙයි. මිනිස්සු විතරක් නෙවෙයි, සත්තු පවා මේ දේ කරනවා. ඒ කියන්නේ මේක සොබාදහමේ කොටසක්. 🌱
2️⃣ සමාජගත වී ඇති මහා මිත්‍යාවන් (The Biggest Myths Busted!) ❌🔨
අපේ රටේ මේ ගැන තියෙන බොරු ටික ලිව්වොත් පොතක් ගහන්න පුළුවන්. මේවායින් ඔයාටත් අනිවාර්යයෙන්ම එකක් හරි අහන්න ලැබිලා ඇති.
❌ මිත්‍යාව 01: "මේක කළාම ඇඟ කෙට්ටු වෙනවා / ලේ විස වෙනවා / ශක්තිය නැති වෙනවා."
✅ ඇත්ත: මේක සම්පූර්ණ බොරුවක්! පිරිමි කෙනෙක්ගේ පිටවන තරලය (Semen) කියන්නේ ලේ වත්, මොළය දියවෙලා යන එකවත් නෙවෙයි. එහි අඩංගු වෙන්නේ ඉතා සුළු ප්‍රෝටීන්, විටමින් සහ ජලය ප්‍රමාණයක් විතරයි. වරක් ශුක්‍රාණු පිටවීමකදී වැය වෙන්නේ කැලරි 5-10ක් වගේ ඉතා සුළු ප්‍රමාණයක්. ඒ නිසා ඇඟ වැහැරෙන්නේ නෑ.
❌ මිත්‍යාව 02: "මූණේ කුරුලෑ එනවා / කොණ්ඩෙ යනවා."
✅ ඇත්ත: කුරුලෑ එන්නේ සහ කොණ්ඩෙ යන්නේ හෝමෝන වෙනස්වීම් (විශේෂයෙන් නව යොවුන් වියේදී), ජානමය බලපෑම් සහ අපිරිසිදුකම නිසයි. ස්වයංවින්දනයත් මේවත් අතර කිසිම සම්බන්ධයක් විද්‍යාවේ සොයාගෙන නෑ.
❌ මිත්‍යාව 03: "ඇස් පේන්නෙ නැති වෙනවා.
✅ ඇත්ත: මේවා මේ මාතෘකාව ගැන බය කරන්න හදපු පට්ටපල් බොරු විතරයි. 😂
❌ මිත්‍යාව 04: "අනාගතේදී දරුවෝ හදන්න බැරි වෙනවා (වඳ වෙනවා)."
✅ ඇත්ත: ස්වයංවින්දනය ඔබේ සරුභාවයට (Fertility) කිසිම හානියක් කරන්නේ නෑ. පිරිමි අයගේ ශුක්‍රාණු අලුතින් නිපදවෙනවා. ගැහැණු අයටත් කිසිම හානියක් වෙන්නේ නෑ.
3️⃣ ඇත්තටම මෙයින් ලැබෙන වාසි (The Real Benefits) 🤔✅
ඔව්, විශ්වාස කරන්න. සෞඛ්‍ය සම්පන්නව මේක කිරීමෙන් කායික සහ මානසික වාසි තියෙනවා.
මානසික ආතතියට ඔසුවක් (Stress Relief): උච්චතම අවස්ථාවකදී මොළයෙන් එන්ඩොර්ෆින් (Endorphins), ඩොපමින් (Dopamine) සහ ඔක්සිටොසින් (Oxytocin) වගේ "සතුට දනවන රසායනික" (Feel-good hormones) විශාල ලෙස නිකුත් වෙනවා. මේකෙන් ක්ෂණිකව ස්ට්‍රෙස් එක අඩුවෙලා, මනස සැහැල්ලු වෙනවා. 😌
සුවබර නින්දක් (Better Sleep): අර නිකුත් වෙන හෝමෝන නිසා ඇඟට ස්වභාවික නිදිමත ගතියක් එනවා. නින්ද නොයන අයට මේක උදව්වක්. 😴
තමන් ගැන අවබෝධය (Self-Discovery): තමන්ගේ ශරීරය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද, තමන් කැමති මොන වගේ දේවල් වලටද කියලා තේරුම් ගන්න (විශේෂයෙන් විවාහයට කලින්) මේක උදව් වෙනවා.
වේදනා නාශකයක් (Pain Relief): සමහර කාන්තාවන්ට ඔසප් වේදනාව (Period cramps) අඩු කරගන්න මෙය උදව් වෙන බව සොයාගෙන තියෙනවා.
4️⃣ එතකොට මේක "නරකක්" වෙන්නේ කොයි වෙලාවටද? (When does it become a problem?) ⚠️🛑
"ඕනෑම දෙයක් ඕනවට වඩා හොඳ නෑ" කියන දේ මේකටත් අදාලයි.
මේක ප්‍රශ්නයක් වෙන්නේ, එය ඔබේ එදිනෙදා ජීවිතයට බාධාවක් වුනොත් විතරයි.
ඔබට රස්සාවේ වැඩ, පාඩම් වැඩ පාඩු වෙනවා නම්,
සමාජ සබඳතා මග හැරෙනවා නම්,
මේක නොකර ඉන්නම බැරි තත්ත්වයක් (Compulsive behavior/ඇබ්බැහි වීමක්) ඇති වෙලා නම්,
ඔබේ සැබෑ සහකරු/සහකාරිය සමඟ ඇති සබඳතාවයට මෙය බාධාවක් වෙනවා නම්,
අන්න එතකොට පොඩ්ඩක් කල්පනා කරන්න වෙනවා. මේක ජීවිතේ එක කොටසක් විතරයි, ජීවිතේම මේක නෙවෙයි.
අවසාන වශයෙන්... (Conclusion) 🤍✨
ස්වයංවින්දනය කියන්නේ ලැජ්ජා වෙන්න ඕන, හංගන්න ඕන, "කුපාඩි" වැඩක් නෙවෙයි. ඒක ඔබේ ශරීරයේ සිදුවෙන ඉතාම ස්වභාවික සහ සාමාන්‍ය ක්‍රියාවලියක්.
වැදගත්ම දේ, ඒ ගැන තියෙන අනවශ්‍ය බය සහ වරදකාරී හැඟීම (Guilt) අතහැරලා දාන්න. ඔබේ ශරීරය ගැන අයිතිය තියෙන්නේ ඔබටමයි.
ඉතින්, බොරු මිත්‍යාවන්ට බය නොවී, Relax එකේ ඉන්න!
මේ ගැන දන්නෙ නැති, තාමත් බයෙන් ඉන්න යාළුවෙක්ට දැනගන්න මේක Share කරන්න. 👇🔄
කර්තෘ අයිතිය රකින්න....
Rusiru Galagoda...!!
BA (Hons) Psychology
University of Sri Jayewardenepura
#HumanSexuality #MasturbationFacts #BreakTheTaboo #MentalHealthLK #SelfCare #Biology #StressRelief #TheHumanInstinct #NoteKokka #HealthEducation
Comments
Post a Comment