මිනිස්සු

 මිනිස්සු,

තනියම ජීවත් වෙද්දි සම්බන්ධතා නැති වීම ගැන දුක් වෙනවා. 

සම්බන්ධතා තියෙද්දි  නිදහස නැති වීම ගැන දුක් වෙනවා. 


වැඩ අධික වුණාම, මඟහැරෙන කාලය ගැන දුක් වෙනවා. 

නිදහස වැඩි වුණාම, වැඩ නැති වීම ගැන දුක් වෙනවා. 


තරුණ කාලේ හැමෝටම ඕන ඉක්මනට ලොකු මිනිහෙක් වෙන්න. 

වැඩිහිටි වුණාම ඕන ආයෙත් කාලේ ආපස්සට ගන්න. 


නාගරික මිනිස්සුන්ට ඕන ගමකට යන්න. 

ගමක මිනිස්සුන්ට ඕන නගරයට යන්න. 


පුරුද්දක් විදියට, ලැබෙන හැමදෙයකටම පස්සෙ මිනිස්සුන්ට ඕන නොලැබුණු කුමක් හෝ දෙයක් වෙනුවෙන් දුක් වෙන්න. 


දොර විවර කරගෙන ලෝකයේ සුවඳ හොයාගෙන යන්න කලින් 

නිවසේ සුවඳ විඳින්න අමතක කරන්නෙපා.

මොකද, 

ජීවිතේ ලැබෙන හැමදේම ලාබෙට ලැබෙන දේවල් නෙමෙයි, 

මේ හැමදෙයක්ම වටිනාකම් ලියවුණු මිල අධික තෑග්ගක්! ✨🌻🖤

Comments