සිත වෙනස් කිරීමට
සිත වෙනස් කිරීමට වෙහෙසවන්නා කිසිදිනෙක සිතෙන් නිදහස් නොවේ. සිතට අයිතිකාරීත්වය නොදරන්නා පමණක් යම් දිනෙක සිත විනිවිද යන්නේය. එම නිසා ඔබ පලමුව සිහියට පත්වන්න.
මේ ජීවිතය ඔබේ හෝ මගේ ක්‍රියාවලියක් නොවේ. නමුත් එය ස්භාවික ක්‍රියාවලියක්ද නොවේ. එය අහේතුක වූවක්ද නොවන්නේය. මේ සියල්ල හේතු ඵල වන්නේය. හේතුව හෝ ඵලය ඔබට හෝ මට අයිති නැත. නමුත් අවිද්‍යාව තියන මිනිසා සැමවිටම මේ ක්‍රියාවලිය නොදකියි.
ඔහු සෑමවිටම නිත්‍ය ලොවක් නිත්‍ය මමෙක් හදාගෙන භෞතික ලොව තුල දේවල් ගොඩනගයි. එහි අනෙක් කොටස වන්නේ මනෝමූලික ලෝකය තුල ඔබ ගොඩනගන ප්‍රකල්පනාමෙන්ම ඔබ මනසේම විවිධ තත්ව වෙතට ගමන් කිරීමයි.
මනුෂ්‍යයෙකුට පදාර්ථය තුලින් තෘප්තියට පත්වෙන්න බැරි නිසාම ඔහු මනස පැත්තට හැරෙන්න පුලුවන්. ඔහු එවිට මනසේම විවිධ තත්වයන් ලුහුබඳිමින් විවිධ ස්ථරවල සිරවී සිටින්නට පුළුවන්.
ඒ සියල්ල ඔබට තාවකාලික සතුටක් එක්කලද ඒ කිසිවක් අවසාන නිශ්ඨාව නොවේ. සියලු මනෝමය තත්වයන් තාවකාලික වන්නේය. ඒ සියල්ල මනස විසින් සකස් කරන ලද සංස්කාර පමණි. ඒ සියල්ලත් මනස විසින් නිර්මාණය කරන්නා වූ මායාවන් වේ.
කෙනෙක් පරමාර්ථ සත්‍ය වෙතට ලඟාවන විට සියලු සාපේක්ෂක මනෝමය තත්වයන්
Comments
Post a Comment