භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා

      නැවත සුගතියෙහි උපත ලබනවා නම් 

      "ඒ " නිය සිලට ගත් පස් චුට්ටක් වගේ 

      ප්‍රමාණයක් කියලා,මහපොළව වගේ 

      ප්‍රමාණයක් උපදින්නේ සතර අපායේ බව.


භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා 

      කන 🐢 කැස්බෑවෙක් අවුරුදු 100 ට වරක්

      විය සිදුරෙන් අහස බලනවටත් වඩා 

      දුර්ලභයි, කෙනෙක් නැවත මිනිසත් බව

      ලබන එක කියලා


භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා 

      නිරය සහ තිරිසන් උපත් දෙක තරම්

      බයානක වෙනත් උපතක් නම්

      බුදු ඇසින් දකින්නේ නෑ කියලා


කෙනෙක් සතර අපායේ යනවා කියන්නේ

      සුපුරුදු ලෙස මහ ගෙදර යනවා වගේ බව

      භාග්‍යවතුන් වහන්සේ වදාළහ


මෙවන් විශ්මිත හෙළිදරව්වක් කළ ඒ උතුම් 

      භාග්‍යවත් වූ අසමසම වූ තිලෝ ගුරු වූ

      ගෞතම බුදුරජාණන් වහන්සේට අපගේ 

      ගෞරවාදර නමස්කාරය වේවා 


උතුම් ධර්ම දානමය කුසළය හේතුවෙන් ඔබ සියළු දෙනාට චතුරාර්‍යය සත්‍යය අවබෝධ කර ගැනීම පිණිස හේතු වේවා 


සටහනේ මුල් අයිතිකරුට ස්තුතියි

Comments